Zircon Host

Monday 1 October 2018

Greentel V8 Tablet – අඩු මුදලකට සුපිරි Tab එකක් මෙන්න



Greentel V8 (3G) Tab එක යනු Greentel Mobiles ආයතනය නිකුත් කළ තවත් සුවිශේෂී මාදිලියකි. මෙය ඉතාම අඩු මුදලකට ලබා ගත හැකි සුපිරි ටැබ් එකක් ලෙස හැදින්වීමට හැකිය. මෙහි සුවිශේෂීතා රැසකි. මෙම Greentel Mobiles ආයතනය ශ්‍රී ලාංකික දුරකථන නිෂ්පාදන සමාගමකි.

මෙම ටැබ් එක මිලදී ගැනීමේදී ඔබට ලැබෙනුයේ කලු පැහැති පෙට්ටියකි. එය තරමක් විශාල එකක් වන අතර ඒ තුල ටැබ් එක අන්තර්ගත වේ. මෙම විශාල පෙට්ටිය විවෘත කළ පසු තවත් කුඩා පෙට්ටි තුනක් එහි දැකගැනීමට ඔබට හැකිවනු ඇත. එම පෙට්ටි තුන තුල පහත Tech Gadgets අන්තර්ගත වේ.
·         Wall Adepter එකක්
·         USB Cable එකක්
·         Handsfree ආදිය..

මීට අමතරව OTG Datacable එකක්ද මෙහි අඩංගු වනවා ඔබට දැක ගත හැකිවනවා ඇත. එමගින් ඔබට ඔබේ V8 Tab එක පහසුවෙන් Pen Drive එකකට වගේම External Hard Disk එකකටත් සම්බන්ධ කළ හැක.

මෙහි ඔබට ලැබෙන Pouch එක මගින් ටැබ් එකට වැඩි ආරක්ෂාවක් ලැබනව වගේම එය Stand එකක් ලෙසත් භාවිතා කිරීමට ඔබට පුලුවන. එමගින් පහසුවෙන් Films ආදිය නැරඹීමටත් ඔබට හැකිවේ.

මෙම V8 Tab එක තරමක් ප්‍රමාණයෙන් විශාල වන අතර 9.6 Inch හා 16M Colour Display එකකින් වගේම 1280*800 Pixel Resolution එකකින් සමන්විත වේ.

මෙහි Display Quality එක වගේම Colours පිළිබඳවත් බොහෝ දෙනා සතුටු වෙති. සාමාන්‍ය පරිදි Movie බැලීමට හා Games ගැසීමට ඔබ ටැබ් එකක් සොයනවානම් ඔබට මෙය කදිම භාණ්ඩයක් වනු ඇති බවටයි අපේ හැගීම.


Special Features
මෙම V8 Tab එක Silver Colour හා White Colour යන දෙකෙන්ම දැකගත හැකිවේ. Backside එකේ පහළ Noise Cancelling Microphone එකක් අඩංගු වන අතර 3.5 Handsfree Port එකක්ද මෙහි අන්තර්ගත වේ.
මෙහි ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඉදිරිපස පිහිටා ඇති Front Speaker එකයි. මේ නිසා ඔබට අමුතුම වූ Audio Experience එකක් අත්විදීමට හැකිය.

මෙහි Default ලෙස Android 6 Marshmallow සංස්කරණය අඩංගු වේ. එසේම Free Installed Applications කිහිපයක්ම දැකගැනීමටද හැකිය. ඒවා අතර Google Applications වගේම Greentel Apps කිහිපයක්ම අඩංගු වේ. ඒ අතර Greentel Dictionary එක විශේෂය.

Greentel Phone වල අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව Software Features කිහිපයක්ම අඩංගු වේ. ඒ අතර Turbo Download පහසුකම සුවිශේෂීය. එමගින් ඔබට wifi හා Mobile Data යන දෙකම භාවිතයෙන් Download කිරීමට හැකිවේ.

මෙහි 1.3 GHz Quad Core Processor එකක් අඩංගු වන අතර මේ නිසා Gaming Experience එක සුපිරියටම අත්විදිය හැකිවේ. එසේම 2GB Ram එකක් හා 16GB Internal Storage එකක් මෙහි අඩංගුය.


Camera
8MP Backcam එකක් හා 2MP Front Camera එකක් මෙහි අන්තර්ගත වේ. සාපේක්ෂව මෙම මුදලට ගත හැකි අනෙකුත් Smartphone වලට සාපේක්ෂව මෙහි Video Call වල පැහැදිලි බවක් දැකිය හැකිය.


Price
මෙම ටැබ් එක Greentel නියෝජිතයින්ගෙන් රුපියල් 17,990 වැනි මුදලකට ඔබට ගත හැකිය. ඔබට මෙම  ටැබ් එක කෙලින්ම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් Sl Geek Store එක මගින් එය Order කරන්න. එහිදී ඔබට ටැබ් එක ලැබුණු පසු මුදල් ගෙවීම සිදුකළ  හැකිවේ. එය නිසැකවම ඔබට පහසුකමක් වනු ඇත. ඒ සදහා පහත Link එක භාවිතා කරන්න.



දැන් ඔබට මෙම ටැබ් එක ගැන හොද අවබෝධයක් ලැබෙන්නට ඇතැයි අපි විශ්වාස කරමු. ඉදිරියේදීත් මෙවැනිම නවතම Tech Gadgets ගැන විස්තර ගෙන ඒමට අප සූදානම් පහතින් මෙම ලිපිය හැකිතරම් Share කර අපට සහය වන්න...